රට හමුවේ ඇති අභියෝග ජයගන්න ශක්තිමත් ආණ්ඩුවක් ඕන! ජනතා පරමාධිපත්‍යය ගරු කරමින් මැතිවරණය පවත්වන්න! – ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි (video)

May 27, 2020 at 4:56 pm | by emanisa.lk

කොරෝනා වසංගතය සමග මතුව ඇති ආර්ථික අර්බුදය හමුවෙි අනාගතයේ රටට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි පවසයි.

ඒ සඳහා සාර්ථක ලෙස මුහුණ දීමට රටේ ශක්තිමත් පාලනයක් පැවතිය යුතු බවත් ඒ සඳහා වහාම මැතිවරණය පවත්වා ආණ්ඩුවක් පිහිටුවා ගතයුතු යුතු බවත් එහිමියන් පෙන්වා දෙති.

මේ වන විට රටේ කොරෝනා තත්ත්වය පාලනය කර ඇති බව දෙස් විදෙස් නායකයන් ද පිළිගන්නා නිසා මැතිවරණ කොමිසමේ වගකීම මැතිවරණ පැවැත්වීම පිළිබඳ පක්ෂ නායකයන්ගේ අදහස් විමසීම නොව ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් මැතිවරණය පැවැත්විම බව ද චන්ද්‍රරතන හිමි අවධාරණය කළේය.

අද (27) මාධ්‍ය හමුවක් කැඳවමින් එහිමියන් මෙම අදහස් පළ කළේය.

https://www.facebook.com/100050798807559/posts/125866699116623/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස