උපාධිධාරීන් 45000ට රු. 20 000 ලබාදීම නවතනු! – මැතිවරණ කොමිසම

May 2, 2020 at 7:19 am | by emanisa.lk

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් 45 000කට අධික ප්‍රමාණය සඳහා මහ  මැතිවරණය නිමවන තුරු රු. 20 000 දීමනාව ලබා දීම අත්හිටුවීමට මැතිවරණ කොමිසම නියෝග කර තිබේ.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඊයේ (1) මේ බව ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසම මෙයට පෙර එම උපාධිධාරීන් සේවයට කැඳවීම ද නතර කිරීමට නියෝග කළ අතර කොරෝනා වසංගත තත්ත්වය සමග එම පිරිස මුහුණ දෙන දුෂ්කරතා සලකා රු. 20 000 දීමනාව අඛණ්ඩව ගෙවීමට රජය තීන්දු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස