කොරෝනා පාලනය කර ඇත්නම් මැතිවරණය පවත්වන්න සූදානම්! – මහින්ද දේශප්‍රිය

May 25, 2020 at 11:45 am | by emanisa.lk

පාලනය වූ කොරෝනා තත්ත්වයක් යටතේ මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වෙයි.

එහෙත් ඒ පිළිබඳ අවසන් තීරණය ගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වල තීන්දුව ලැබීමෙන් පසු බවද කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

සෞඛ්‍ය නිර්දේශ යටතේ පවතින සමාජ දුරස්ථභාවය, අත් පිරිසුදු කිරීම, මුඛ ආවරණ භාවිත කිරීම යන කරුණු මත මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ.

මේ වන විට එවැනි සාකච්ඡා පහක් පමණ පවත්වා ඇති අතර අවසන් සාකච්ඡාව මෙම සතියේ දී පවත්වන බවද ඔහු පවසයි.

එම සාකච්ඡාවල තීන්දු මත මැතිවරණය පැවැත්වීම සඳහා මාර්ග සිතියමක් සකස් කර කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව සභාපතිවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස