රටේ අගමැති ලෙස දෙනියායේ සංවර්ධන වගකීමත් මම භාරගන්නවා! – සජිත් වේලාසනම අගමැති සූට් එකත් අඳියි.. (video)

July 12, 2020 at 11:13 am | by emanisa.lk

දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ ග්‍රාමසේවා වසම් 89යෙහි සංවර්ධනය පිළිබඳ රටේ අගමැතිවරයා ලෙස කොට්ඨාශයේ සංවිධායක සමග අත්වැල් බඳගෙන වගකියන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තමා අගෝස්තු 05 වෙනිදා සිට මේ රටේ ග්‍රාම රාජ්‍ය-නගර රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසයි.

එම නව ක්‍රමවේදය අනුව රටේ ගම්මාන පනස් එක්දාහේ සිදුවන සියලු සංවර්ධන කටයුතු පිළිබඳ රටේ අගමැතිවරයා දැන සිටිය යුතු බව හිටපු විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

සමගි ජන බලවේගයේ දෙණියාය ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස