රටම ඔසවා තබන අභීත තීන්දුවක් විමල් ගනී! ඛනිජ වැලි කුණු කොල්ලයට පිට රටට විකුණා දැමීම නවතයි!

January 17, 2020 at 5:17 pm | by emanisa.lk

මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමේ තාක්ෂණය සහිත ක‍්‍රමවේද හඳුන්වා දෙන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

එසේම ලංකා ඛනිජ වැලි සමාගම මෙරට විදේශ විනිමය උපයන ප‍්‍රධානතම රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කිරීම තම අරමුණ බව ද
ඊයේ (16) පුල්මුඩේ පිහිටි ලංකා ඛනිජ වැලි සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඔහු අවධාරණය කළේය.

ඉහත පරිවර්තනය සඳහා අවශ්‍ය මුලික පියවර රැසක් මේ වන විටත් රැගෙන තිබෙන බවත් කඩිනමින් එය සාක්ෂාත් කර ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සේවක පිරිස් මේ වනවිට මුහුණ දී ඇති ගැටලු සහ ආයතනය හමුවේ වන අභියෝග පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාව ඉතා වැදගත් වූ බව ද විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස