රටට ආදරේ නැති විපක්ෂයේ කිඹුල් කඳුළුවලට රැවටෙන්න එපා….! ජනපති අගමැති රටට අහිතකර කිසිවක් කරන්නේ නෑ…! – මහාචර්ය කුඹුරුගමුවේ වජිර හිමි….

January 22, 2021 at 7:42 pm | by emanisa.lk

කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම ගැන සමඟි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ජනතාව නොමඟ යන අන්දමින් කටයුතු කරමින් සිටින බව සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (22) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම දේශපාලන කණ්ඩායම් කතා කරමින් සිටින්නේ රටට ආදරයෙන් නොව ආණ්ඩුවේ අඩුපාඩුවක් අල්ල ගැනීමට පෙරුම් පුරමින් සිටින බව උන්වහන්සේ කියා සිටියහ. ඔවුන්ට ඒවායේ ආදීනව ගැන නිසි අවබෝධයක් නොමැති බව ද උන්වහන්සේ සඳහන් කළහ.

රජය දුරදක්නා නුවණින් ක්‍රියාකර ගෙන යන අවස්ථාවේ යම් යම් ගිවිසුම්වලට එළඹ තිබෙනවා නම් ඒවා මේ රට විනාශ කිරීමට, මේ රට අපහසුවකට පත්කිරීමට හෝ අලාභයක් කිරීමට නොවන අතර රටට අහිතක් කිරීමට ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ තුන් හිතකවත් ඇතැයි කියා තමන් විශ්වාස නොකරන බවත් උන්වහන්සේ පැවසූහ.

එම නිසා නිවැරදි අවබෝධයකින් තොරව රට අපහසුතාවට පත්වන අන්දමේ උද්ඝෝෂණ හෝ ප්‍රකාශ හෝ යම් යම් ක්‍රියාමාර්ග ගැනීම කල්පනාකරිව කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ. කෙසේ වෙතත් ඉදිරියේ දී මෙහි යථා තත්ත්වය ගැන ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා ප්‍රකාශයක් කරනු ඇති බවට ද උන්වහන්සේ විශ්වාසය පළ කළහ.

ජාත්‍යන්තරයෙන් හුදෙකලාව කටයුතු කිරීමට තරම් හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති බවත් අසල්වැසි ඉන්දියාව ඉතා ප්‍රවේශමෙන් ඇසුරු කළ යුතු බවත් චීනය සමඟ පවතින සබඳතා කිසි විටෙකත් පළුදු කර නොගත යුතු බවත් පූජ්‍ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස