කොළඹ වරාය විකුණං කාලා රට නැති කරන්න එපා! ඩොලර් මිලියන 400 අපි හොයලා දෙන්නම්! – ජවිපෙ

December 20, 2020 at 3:52 pm | by emanisa.lk

ලෝකයේ හොඳ ම වරාය ලැයිස්තුවේ 24 වෙනි ස්ථානය උසුලන කොළඹ වරාය රටේ හදවත බඳු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නලින් හේවගේ පවසයි.

කොළඹ වරාය විකුණා දැමුවහොත් රට නැත්තට ම නැති වන බවත් ඒ නිසා මේ රටේ උගතුන් බුද්ධිමතුන් වරාය සේවකයින් සමග එක්ව ඩොලර් මිලියන 400 සොයා දීමට තමන් සූදානම් බව ද ඔහු අවධාරණය කරයි.

නැඟෙනහිර පර්යන්තය විකුණා දැමීම නතර කළ යුතු බවත් ලංකා ආණ්ඩුව රටේ හදවත බඳු වරාය සංවර්ධන කටයුතු ආරම්භ කළ යුතු බවත් නලින් හේවගේ වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස