නැඟෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දීය අදානි සමාගමට!

December 15, 2020 at 10:36 am | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමග සංවර්ධනය කිරීම සඳහා වන කැබිනට් යෝජනාවකට අනුමැතිය ලැබී ඇති බව වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්ධන මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේ ය.

එහි කොටස්වලින් 49%ක් එම සමාගමටත් 51%ක් ශ‍්‍රී ලංකා රජයටත් වන සේ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන බව පැවසූ ඇමැතිවරයා මේ සඳහා අදානි සමාගම යෝජනා කර ඇත්තේ ඉන්දීය රජය බව ද සඳහන් කළේ ය.

නැගෙනහිර පර්යන්තය පවත්වා ගෙන යාම සඳහා රජයට මුදල් නැතිකම නිසා මෙසේ විදෙස් ආයෝජකයන් කැඳවන බව ද එම මුදල් ආයෝජනය කළ හැකි දේශිය ආයෝජකයෙක් සොයා ගත නොහැකි බව ද ඇමතිවරයා කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *