කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට! 2019 යහපාලන රජය ගිවිසුම අත්සන් කරලා!

November 20, 2020 at 10:42 pm | by emanisa.lk

ඉන්දියාවේ බිලියනපතියකු වන ‌ගෞතම් අදානි කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සඳහා මැදිහත්වන බවට ඉන්දියා ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

නිල වශයෙන් තවමත් ප්‍රකාශයට පත් නොකළ වාර්තාවලට අනුව මේ වන විටත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ අදානි සමාගම එකඟතාවකට පැමිණ අවසන්ය. අදානි සමාගම ඉන්දියාවේ විශාලතම වරාය මෙහෙයුම් ආයතනය වෙයි. මෙම ආයතනය පසුගිය වසරේ දී මෙම ව්‍යාපෘතිය සඳහා මූලික ගිවිසුම් අත්සන්කොට ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම ගිවිසුම පිළිබඳ නැවත විමර්ශනය කරන ලෙස උපදෙස් ලබා දුන්නේ ය. ඒ වෘත්තීය සමිති පල කළ විරෝධතා නිසා ය.

මේ අතර වරාය අදානි සමාගමට නැඟෙනහිර පර්යන්තය පැවරීම පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් වරාය හා නාවික කටයුතු ඇමති රෝහිත අබේගුණවර්ධන විසින් ඉදිරිපත් කොට තිබෙන බව සමාජ මාධ්‍ය වාර්තා පළ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස