කොළඹ නැඟෙනහිර ජැටිය කාටවත් දෙන්න බෑ…! කැමැති නම් බටහිර ජැටිය හදා ගන්න….! – මෛත්‍රී ඉන්දියාවට කියයි….

January 22, 2021 at 1:55 pm | by emanisa.lk

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය කිසිවෙකුට ලබා දීමේ හැකියාවක් නොමැති බවත් අවශ්‍ය නම් බටහිර පර්යන්තය මුදල් ආයෝජනය කර අලුතින් හදා ගැනීමට ඉඩදීමට හැකි බවත් ඉන්දියාවට සහ ජපානයට තමා පැහැදිලිව ම ප්‍රකාශ කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ලෙස කොළඹ වරායට ම ගොස් එහි සේවකයින් දහස් ගණනක් හමුවේ නැඟෙනහිර පර්යන්තය පිට රටකට ලබා නොදීමට තමා ප්‍රතිඥා දුන් බව ද හෙතෙම අනාවරණය කරයි.

තමා අදත් සිටින්නේ ඒ මතයේ බවත් ශ්‍රීලනිපය සිටින්නේ ද එම ප්‍රතිපත්තියේ බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

කෙසේ වුවද එකල තම ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව නැඟෙනහිර ජැටිය විදෙස් ආයෝජකයින්ට ලබා දීමට උනන්දු වූ බවත් තමා එම උත්සාහයන් ද පාලනය කරගත් බවත් මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස