ද්‍රෝහීන් පරාජය කර විදෙස් ආක්‍රමණවලින් රට බේරා ගනිමු! – ලාල්කාන්ත

November 25, 2020 at 9:13 am | by emanisa.lk

‘ද්‍රෝහීන් පළවා හැර විදේශ ආක්‍රමණවලින් රට බේරා ගනිමු’ වැනි සටන් පාඨ මඟින් ජනතාව ඒකරාශී කිරීමේ යුගයක් පැමිණ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඊයේ (24) ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ වරාය නැඟෙනහිර ජැටිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මෙසේ පැවැසුවේ ය.

මේ වන විට ආණ්ඩුව විසින් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය විකිණීමට සාකච්ඡා කර ඇති බවත් මෙ මඟින් අපේ රට වේගයෙන් ආර්ථික ආක්‍රමණයකට යටත් වෙමින් ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

ඇමරිකාව, චීනය, ඉන්දියාව ආයුධ නොපෙන්වා ලංකාව වැනි රටවල් ආක්‍රමණය කරන බවත් එමඟින් යුදමය ආක්‍රමණයකට වඩා ආර්ථික ආක්‍රමණයක් ඩොලර් හරහා සිදුකරමින් පවතින බවත් පැවසූ ලාල්කාන්ත ලංකාව ඩොලර් හිඟා කන ජාතියක් බවට පත්ව ඇති බැවින් රටට අයත් ඉඩම්, ඒ මත ඇති දේපොළ, ගුවන, මුහුද මෙන්ම ප්‍රජාව වැනි රටට අයිති සියල්ලම විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වී ඇති බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස