නැ. පර්යන්තය හදන්න මිලියන 13 785ක් ඉතිර කරලා තියෙනවා! ඒ මුදලින් වරාය හදලා ලාභය රටට දෙන්න අපට පුළුවන්! – වරාය වෘත්තීය සමිති….

December 23, 2020 at 11:18 pm | by emanisa.lk

කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තයේ මීටර් 600ක කොටසක් මේ වන විට තනා නිමකර ඇති බවත් තවත් ඉතිරිව ඇත්තේ මීටර් 160ක් නිම කිරීමට ඇති බවත් වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ පවසයි.

ඒ සඳහා උවමනා බහාළුම් මෙහෙයුම් උපකරණ 07ක් (gantry gate)ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය රු. මිලියන 13 785ක් වෙන්කර ඇති බවත් ඔහු අනාවරණය කළේ ය.

එම මුදලින් මෙම උපකරණ ගෙනැවිත් පර්යන්තයේ ඉතිරි මීටර් 160 ද සකස් කළ හැකි බව ප්‍රසන්න කළුතරගේ සඳහන් කළේ ය.

2021 නැඟෙනහිර පර්යන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලැබෙන බවත් 2022 ඇ.ඩො. මිලියන 105ක ආදායමක් ලැබෙන බවත් පුරෝකථනය කර ඇති බවත් එම මුදලින් නැඟෙනහිර පර්යන්තය ගොඩනඟා ගෙන ඉදිරියට යා හැකි බවත් ඔහු අවධාරණය කළේ ය.

නැඟෙනහිර ජැටිය ගොඩනැඟීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 750ක් යන බවට සිදුකරන ගණනය කිරීම් අසත්‍ය බවත් දැනට නැගෙනහිර පර්යන්තය ගොඩනැඟූ වරාය ඉංජිනේරුවන් ඉදිරිපත් කළ වාර්තා පිළිගත හැකි බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස