රජයේ ජනතා සහන වැඩපිළිවෙළ දිගටම! රු. 5000 දීමනාව තෙවැනි මාසයටත්!

May 17, 2020 at 9:52 am | by emanisa.lk

කොරෝනා වසංගතයෙන් අසරණභාවයට පත් වූ පුද්ගලයන් ලක්ෂ 74කට අප්‍රේල් මස ලබා දුන්, මැයි මස ලබා දෙමින් පවතින රුපියල් 5000 සහනාධාර දීමනාව ජූනි මාසයේදීද ලබාදීමට රජය අපේක්ෂා කරන බව තොරතුරු, සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, නව උත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අප්‍රේල් මාසයේදී හා මැයි මාසයේදී රුපියල් 5000 හේ දීමනාව ලබාදීම සඳහා රුපියල් කෝටි 5,000කට වැඩි මුදලක් රජය වෙන් කළ බවත් එමඟින් වැඩිහිටි පුද්ගලයන් 629,214, හා ආබාධිතයන් 123,641කට හා වකුගඩු රෝගීන් 44,291කට ඇතුළුව පුද්ගලයන් ලක්ෂ 74කට සහන සලසා ඇති බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මැයි මාසය සඳහා මෙම දීමනාව ගෙවීමට රුපියල් කෝටි 2572ක් වෙන් කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස