ලංකාවට ඩොලර් කෝටි ගණනක් ආධාර ලැබුණා! ඒ ආධාර ජනතාව අතර බෙදා දෙන්න! – සජිත්

May 14, 2020 at 2:29 pm | by emanisa.lk

යුරෝපා හවුල, චීනය, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ටේලියාව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන රාශියක් ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනක ආධාර ලංකාවට ලබා දී ඇති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එවැනි පසුබිමක ජනතාවට දෙවන වටයේ ලබා දෙන බව සඳහන් කළ රු. 5000ක මුදල ද මෙතෙක් ලැබී නැනැයි හෙතෙම පෙන්වා දෙයි.

අධිවේගී මාර්ග තැනීමට සහ මැතිවරණ පැවැත්වීමට යොදවන කෝටි ප්‍ර කෝටි ගණක මුදල් ජනතා අතර බෙදා දෙන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

කෙසේ වුවද රජය පවසන්නේ කොරෝනා ආධාර ලෙස රජයට කිසිදු මුදලක් මෙතෙක් ලැබී නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස