පන්දාහේ දීමනාව දෙන්න ආණ්ඩුවෙන් කෝටි 2572ක්!

May 14, 2020 at 4:02 pm | by emanisa.lk

කොරෝනා වසංගතය සහ ඇඳිරි නීතිය නිසා දුෂ්කරතාවලට මුහුණ දෙන ජනතාව සඳහා මැයි මාසය වෙනුවෙන් ද රු. 5000 දීමනාව ලබා දීමට කැබිනට් අනුමතිය හිමිව තිබේ.

ඒ සඳහා ආණ්ඩුව රු. කෝටි 2572ක් වෙන් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

එසේම කොරෝනා වසංගත තත්ත්වය වෙනුවෙන් රටට කිසිදු ආධාරයක් ලැබී නොමැති බවත් ජනතාවට ලබා දෙන්නේ ආණ්ඩුවේ මුදල් බවත් හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස