රංජන් රාමනායක බොරුවක් කළේ නම් ඒ කොණ්ඩයට පමණක් බවත් එළඹෙන මහ මැතිවරණයට එතුමාට නාම යෝජනා ලබා නොදීමට කිසිම වරදක්කර නොමැති බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
ආණ්ඩුවේ සිටින සියලු දෙනාට වංචා දූෂණ චෝදනා ඇතැයි පැවසූ මන්ත්‍රීවරිය රංජන් රාමනායකට එවැනි වංචා දූෂණ පාතාළ කුඩු චෝදනා නැතැයි ද ඇය පෙන්වා දුන්නාය.
රජන් රාමනායක සිය සගයකු බවත් තමා සහ ඔහු අතර ඕපාදූපයක් කතා කළ හඬපටයක් මේ රටේ ප්‍රධාන නාළිකාවල ප්‍රමුඛ පුවතක් වීමෙන් ජනමාධ්‍යයවල පිරිහීම පැහැදිලි වන බවත් පැවසීය. එම සංවාදය තුළ විනිසුරු පිළිබඳ හෝ අධිකරණය පිළිබඳ කිසිවක් නැතැයි ද ඇය අවධාරණය කළාය.
රංජන් රාමනායකට ඇප ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත් ඔහුට ස්වාධීනව තරඟ කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.