සත්තු වගේ හැසිරෙන රංජන් හිරුණිකා එජාපයට මහ නින්දාවක්! පක්ෂයෙන් ඉවත් කරන්න පෙර වහා ඉල්ලා අස්වනු!

January 24, 2020 at 1:12 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට පෙර ඉල්ලා අස්විය යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න සඳහන් කරයි.

මේ ආකාරයේ අසික්කිත, ජරා වැඩකටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිදුනොවිය යුතු බවද ඔහු පවසයි.

ඇතිවී තිබෙන තත්ත්වය මත ජනතාව තවත් පුද්ගලයකු සමග දුරකථනයෙන් කතා කිරීමට පවා බිය වී සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කැලෑ සතුන් මෙන් හැසිරීම නිසා සෙසු මන්ත්‍රීවරුන්ද හෑල්ලුවට ලක් වී ඇතැයිද ඔහු කියා සිටියේය.

රංජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස