යාපනේ විශ්වවිද්‍යාලයේ නිදහසට විරෝධය පා කළු කොඩි ඔසවයි!

February 4, 2020 at 5:29 pm | by emanisa.lk

72 වන ජාතික නිදහස් දිනය සැමරීමට දෙමළ ජනතාවට සැමරීමට නිදහසක් නොමැති බව පවසමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු අද (04) සරසවිය ඉදිරිපිට කළු කොඩි එල්ලා තැබූහ.

යාපනය විශ්වවිදයාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම පියවර ගෙන ඇත.

යුද්ධය අවසන් වී නැවත පදිංචි වූ දෙමළ ජනතාවට විසඳා ගැනීමට නොහැකි වූ ගැටලු රැසක් තිබියදී නිදහස් දිනය සැමරීමට නොහැකි බව ඔවුන් ඊයේ දිනයේ සාකච්ඡා කර ඇත.

ඉඩම් බලහත්කාරයෙන් ගැනීම්, මුල් ඉඩම් නොලැබීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොවීම, අතුරුදහන් වූවන්ගේ ගැටලු,  යුද අපරාධ වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම ආදි ගැටලු වෙනුවෙන් දෙමළ ජනතාවට විසඳුමක් නොලැබීම හේතුවෙන් 72 වන ජාතික නිදහස් දිනය කළු නිදහස් දිනයක් සේ සලකන බවට යාපනය මහා ශිෂ්‍ය සංගමය පවසයි.

යාපනය සරසවිය ඉදිරිපිට බැනර් එල්ලා අද දින වර්ජනය කරන බව යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස