යහපාලන ආණ්ඩුව MCC ගිවිසුමේ අදියර දෙකක් රටට හොරා අත්සන් කරලා! ඇමරිකාව ලබා දුන් ඩො. මිලියන 9.6 අතුරුදන්! – MCC කමිටුව ජනපතිට කියයි….

June 25, 2020 at 10:46 pm | by emanisa.lk

පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බවත් ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක සහ මිලියන 2.6ක මුදලක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නොමැති බවත් MCC ගිවිසුම පිළිබඳ සාමාලෝචන කමිටු සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් ප්‍රකාශ කරයි.

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදෙමින් මහචාර්ය ලලිතසිරි ගුණරුවන් මේ බව අනාවරණය කළේය.

විශ්ලේෂණ භාර රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු කේෂ්ත්‍රිය ආවරණයක් කර නැති බවද මෙහිදී කමිටු සභාපතිවරයා පෙන්වාදෙනු ලැබීය.

ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බව ද ගුණරුවන් මහතා සඳහන් කළේය.

නිත්‍යානුකුලව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බවට ඉඩම් කොමසාරිස්වරයා විසින් පැහැදිලි කර ඇත.
ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බවද කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

නියෝජිතයන් දෙදෙනෙකුට, ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට හැකි අතර එවැනි තීරණයක් මගින් පාර්ලිමේන්තු පරමාධිපත්‍ය උල්ළංඝනය වෙයි. නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට හෝ නොහැකි පසුබිමක් ඉන් නිර්මාණය වී ඇති බවද මෙහිදී කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පෙන්වා දෙනු ලැබීය.

MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්ත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළ අතර එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බව නිරීක්ෂණය වී ඇතැයි ද ඔවුහු සඳහන් කළහ.

සියලු කරුණුවලට සාවධානව සවන් දුන් ජනාධිපතිතුමා වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස