MCC අත්සන් කරන ආණ්ඩුවක මොහොතක් ඉන්නේ නෑ! – විමල්

June 25, 2020 at 5:29 pm | by emanisa.lk

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක තමන් මොහොතක් හෝ නොසිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ සඳහන් කරයි.

එය MCC නොව වෙනත් ඕනෑම නමකින් පැමිණිය ද තම මතය අදාළව බවද ඔහු පැවසීය.

මෙරට ව්‍යවස්ථාදායකයට උඩින් යන, අධිකරණයට වග නොකියන, ලංකාවේ නීතිය අභිබවා යන තත්වයක් ඇතිවෙන ගිවිසුම් කුමන නමින් ආවත් තමන්ගේ විරෝධය පළ කරන බව ද ඔහු පැවසීය.

සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් වූ සමාලෝචන වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඊයේ දිනයේ ඒ සඳහා පත්කරන ලද කමිටු විසින් භාර දෙන ලදී.

එම වාර්තාව අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස