පාස්කු ප්‍රහාරය වෙලාවේ ජාතිවාදී ගැටුමක් ආවා නම් රනිල් MCC අත්සන් කරනවා! අද ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන හැමෝම එදා MCC එකට අත් දෙකම ඉස්සුවා! – විජේදාස

June 21, 2020 at 12:05 pm | by emanisa.lk

එදා යහපාලන ආණ්ඩුව ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් කිරීමට සැරසෙන විට ඊට පක්ෂ වී අත එස වූ පිරිස වර්තමාන ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විජේදාස රාජපක්ෂ පවසයි.

එහෙත් එම චෝදනාවල කිසිදු සත්‍යයතාවක් නොමැති බව පෙන්වා දෙන විජේදාස රාජපක්ෂ වර්තමාන ආණඩුව යටතේ MCC ගිවිසුම අත්සන් නොකරන බව අවධාරණය කළේය.

චීනයට හම්බන්තොට වරාය ලබා දීම නිසා MCC සහ SoFA ගිවිසුම් අත්සන් කිරීමට ඇමරිකාව ලංකාවට දැඩි බලපෑම් කළ බවත් පාස්කු ප්‍රහාරය එල්ල කළේ එමගින් ජාතිවාදී කෝලාහලයක් ඇති කර ඒ අතරතුර අදාළ ගිවිසුම් අත්සන් කිරීමට බවත් හෙතෙම පැහැදිලි කළේය.

එහෙත් මෙරට ජනතාව පාස්කු ප්‍රහාරය අවස්ථාවේ ඉතා බුද්ධිමත් ලෙස කටයුතු කරමින් ජාතිවාදී කෝලාහලයක් ඇති නොවන තැනට කටයුතු කළ නිසා එම විනාශ සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට නොහැකි වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස