මෛත්‍රී ශ්‍රීලනිප සංවිධායකවරු කොළඹට ගෙන්වද්දී කුමාරසිරි ටෙලිකොම් සභාපති ධුරයෙන් අස්වෙයි!

January 7, 2020 at 1:57 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ජනවාරි මස 06 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

පසුගිය පාලන සමයේ ටෙලිකොම් සමාගමේ සභාපතිවරයාට ලක්ෂ 20ක වැටුපක් ලබා ඇති අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ එය ලක්ෂ 2.5 දක්වා අඩු කිරීමට පසුගියදා පියවර ගනු ලැබීය.

මේ අතර අද ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා ඇත. කුමාරසිරි සිරිසේන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස