මෛත්‍රීට පැජට් පාරේ සුපිරි නිවස අහිමි වන හැඩ!

December 5, 2019 at 9:47 am | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනට පදිංචි වී සිටින පැජට් පාරේ සුපිරි නිවාසය ඔහුට අහිමි වන තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරණයට පෙර පොළොන්නරුවේ සිය නිවසේ සිට රට පාලනය කරන බව සඳහන් කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වූ පසු ජනාධිපති මන්දිරයට නොගොස් කොළඹ පැජට් පාරේ නිවාස තුනක් එකතු කර සුවිසල් මන්දිරක් නිර්මාණය කරගත්තේය.

ඒ සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය කළ අතර අනතුරුව සිය පාලන කාලය අවසානයේ තමන්ට දිගටම එම නිවස භාවිත කිරීම පිණිස කැබිනට් අනුමැතිය ද ලබා ගත්තේය.

කෙසේ වුවද ඒ සඳහා නිසි ලෙස කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති බවත් විශ්‍රාමික ජනාධිපතිවරයකුට ලබා දෙන නිවසක් හිටපු ජනාධිපතිවරයාට ලබා දී මෙම සුපිරි නිවස වෙනත් කටයුත්තක් සඳහා යෙදවීමටත් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස