මෙරට ඖෂධ මාෆියාවේ ගෝඩ් ෆාදර් රට පනී!

November 26, 2019 at 9:53 pm | by emanisa.lk

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වරදකරුවෙකු වී ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මෙහොමඩ් හෂීම් මෙහොමඩ් රූමී අද(26) රාත්‍රීයේ රටින් පලායාමට සූදානම් වන බව සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසයි.

විදෙස්ගතවීම වළක්වා ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් එම සංවිධානය සහ තවත් පාර්ශ්ව රැසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළේය.

සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු, නීතිඥ ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා පවසා සිටියේ, මෙහොමඩ් රූමී මේ වන විට පිටත් වීමට සුදානමින් සිටින බවයි.

එනිසා ඉතා ඉක්මනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා සිටින බවත් පැවසු ඔහු, ඖෂධ මාෆියාවේ ගෝඩ් ෆාදර් යනුවෙන් ඔහුව හැඳින්විය හැකි බවත් පැවසීය.

මෙම පුද්ගලයා යම් හේතුවක් මත රට අතහැර ගියහොත් එයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකිව යුතු බවත් හෙතෙම කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස