සෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් දැවැන්ත වංචාවක්! ශත 64 බෙහෙත් රු. 64ට අරන්! රු. 1800 බෙහෙත් 38 000ට අරන්! – විගණකාධිපති

July 10, 2019 at 7:53 am | by emanisa.lk

ශත 64 කට ගතහැකි ඖෂධ රුපියල් 64ටත්, රුපියල් 1,800 ට ගත හැකි ඖෂධ රුලියල් 38,000ටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලබාගෙන ඇති බවට විගණකාධිපති වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදුවී ඇතැයි කියන මහා පරිමාණ වංචා හා දූෂණ සිදුවීම් 10ක්‌ සම්බන්ධයෙන් සොයා බලා වහාම එම දූෂණ, අක්‍රමිකතා සිදුකළ පිරිස්‌ වෙතින් එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය වෙත ලිපියක්‌ භාරදීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා 08 වෙනිදා පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා මෙසේ පැවසීය. හරිත අලුත්ගේ මහතා පැවසීය.

අමාත්‍යාංශ ලේකම්වරිය වෙත යොමුකළ කරුණු අතර ජනාධිපති කොමිසන් සභාවේදී හෙළිදරව් වූ පරිදි පෞද්ගලික රෝහලක්‌ වන නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් මහජන මුදල් වහාම නවතා දැමීම, ජාතික ප්‍රසම්පාදන කොමිසන් සභා වාර්තාව පෙන්වා දෙන පරිදි ඖෂධ සංස්‌ථාවේ සභාපතිවරයා හා ඖෂධ සමාගම් අතර පවතින සමීප සම්බන්ධතාව පිළිබඳ විමර්ශනයක්‌ වහාම ආරම්භ කිරීම, ජනාධිපති ලේකම් කාර්යාල නිර්දේශවලට පිටින් යමින් ඖෂධ සංස්‌ථාව වෙත සභාපතිවරයෙකු පත්කිරීම වහාම අවලංගු කිරීමට සුදුසු නිර්දේශ ලබාදීම, විගණකාධිපති වාර්තාව හරහා පෙන්වා දී ඇති පරිදි තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම හේතුවෙන් රජයට සිදුවී ඇති රුපියල් මිලියන ගණනක පාඩුව වගකිව යුත්තන්ගෙන් අයකර ගැනීමට වහාම කටයුතු කිරීම ඇතුළු කරුණු දහයක්‌ ඇතුළත් කර ඇත.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හරිත අලුත්ගේ මහතා මෙසේද කීය.

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් සිදුවී ඇති දූෂණ, අක්‍රමිකතා කොපමණ හෙළි කළත් එම දූෂණ, අක්‍රමිකතා ඒ ආකාරයෙන්ම සිදුකරන බව පෙනීයනවා. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගෙන් ඉල්ලා සිටියේ ඇමතිවරුන් වැරදි උපදෙස්‌ ලබාදුන්නත් එය ක්‍රියාවට නොගෙන සිටීම රජයේ නිලධාරීන්ගේ වගකීමක්‌ බවයි. දේශපාලකයන් වැරදි උපදෙස්‌ ලබාදී දේශපාලනයෙන් සමුගෙන ගියත් රාජ්‍ය නිලධාරීන් ලෙස ඊළඟට පත්වන ආණ්‌ඩුවකදී හෝ එම වැරදි සම්බන්ධයෙන් පෙනී සිටිය යුතු නිසා වැරදි උපදෙස්‌ නොපිළිපදින ඇයට දැනුම් දුන්නා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස