රණවිරුවෝ වගේම කොටි සැකකරුවොත් නිදහස් කළ යුතුයි! _ ඥානසාර හිමි

December 7, 2019 at 12:55 pm | by emanisa.lk

දේශපාලන හේතු මත සිරගත කර ඇති රණ විරුවන් මෙන්ම නිශ්චිත නඩුවක් පවා නොපවරා තවමත් සිරගත කර සිටින කොටි සැකකරුවන් ද විධිමත් විමර්ශනයක් වහා සිදුකර නිදහස් කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් බලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

එම කොටි සැකකරුවන් මේ වන විට පුනරුත්ථාපනය වී ඇති බවත් ඔවුන් යථාර්ථය තේරුම් ගෙන ඇති බවත් ඥානසාර හිමි සඳහන් කළේය.

දුමින්දා සිල්වා වැනි අයගේ නඩු නැවත ඇසිය යුතු බවත් පළමු වෙඩි උණ්ඩය එල්ල වූයේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පාර්ශවයෙන් වුවත් අවසානයේ නොමැරුණු පුද්ගලයා සිරගත කර ඇති බවත් එහිමියන් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස