ජනාධිපතිවරයා වෙනත් මතයක සිටින නිසා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට මෙතෙක් නොහැකි වූ බව ඇමති මංගල සමරවීර පවසයි.
ජනාධිපතිවරයාගේ අදහසට ආණ්ඩුව සවන් දුන්න ද මෙම ගිවිසුම අනිවාර්යෙන් අත්සන් කළ යුතුය යන මතයේ ආණ්ඩුව සිටින බව හෙතෙම පෙන්වා දෙයි.
ඉදිරි මාස කිහිපයේ ඒ සඳහා අත්සන් කළ නොහැකි වුවහොත් එජාප නව ආණ්ඩුවක් යටතේ මෙම ගිවිසුම නියත වශයෙන්ම අත්සන් කිරීමට තමන් එකඟ වූ බව ඇමතිවරයා අවධාරණය කළේය.