මහ සඟරුවනේ සහ බෞද්ධ ජනතාවගේ ඉල්ලීමට ජනපති එකඟ වෙයි! භික්ෂූන්ට නාම යෝජනා හෝ ජාතික ලැයිස්තු වරම් නෑ!

January 17, 2020 at 4:39 pm | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණයේදී තම පක්ෂයෙන් භික්ෂුන් වහන්සේලාට නාමයෝජනා ලබා නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ නාහිමිවරුන් වෙත පොරොන්දුවක් ලබාදුන් බව මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.

“භික්ෂුන් වහන්සේලාට කිසිසේත්ම ජාතික ලැයිස්තුවෙන් හෝ නාමයෝජනා කිසිම පක්ෂයකින් ලබා නොදෙන්නය කියලා අපි පූර්ව දැනුම්දීමක් කළා අතිගරු ජනාධිපතිතුමාට.

ඒක කන වැටිච්චි ගමන් අතිගරු ජනාධිපතිතුමා අපේ ත්‍රෛනිකායික අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සෙලාට දැනුම් දීලා තියෙනවා තමන්ගේ පක්ෂයෙන් කිසිම නාම යෝජනාවක් හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හෝ නොදෙන බවට.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, අනෙකුත් පක්ෂවලිනුත් සමහර වෙලාවට අපි හිතනවා නොදෙයි කියලා. ඒ අයගෙන් අපි ඉල්ලීමක් කරනවා එහෙම දෙන්න එපා කියලා. ඒ වගේම ස්වාධීනව ඉල්ලුවොත් එක ඡන්දයක් නොදී ප්‍රතික්ෂේප කරන්න.

පහුගිය කාලෙ උන්වහන්සෙලා පාර්ලිමේන්තුවට ඡන්දෙ දිනලා ගියා. මොනවද කළේ? අපේ රටේ බුදුදහම වෙනුවෙන් මොන අණ පනතද සම්මත කෙරුවේ? කිසිම එකක් නෑ. උන්වහන්සෙලා රු. 20ට තියෙන දානෙ ටික වැළඳුවා, ඊට පස්සෙ රතු පාස්පෝට් එක ගත්තා …”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස