බෞද්ධ ඡන්ද වැඩිකරගන්න අපි දැන් පන්සල් යනවා! බැඳුම්කර හොරකමේ සල්ලි ටික ආපහු දුන්නාම ඒ ප්‍රශ්නෙත් ඉවරයි! – චන්දිම ගමගේ

December 12, 2019 at 8:38 am | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තරග කරන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් නොව සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බව එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ පවසයි.

ඊයේ(11) දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී බෞද්ධ ඡන්ද වැඩි කරගැනීම සඳහා මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම දිවයින පුරා වෙහෙර විහාරස්ථාවලට ගොස් භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කරමින් තමන් බලයේ සිටි කාලයේ වෙහෙර විහාරස්ථානවලට සිදු කළ සේවාව පිළිබඳව මතක් කර දෙමින් අලුත් ගමනකට සූදානම් වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම බැඳුම්කර වංචාව පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ බැඳුම්කර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ සැනින් එම අයගේ රඳවාගෙන ගෙන ඇති මුදල් මහ බැංකුවට ලබාදීමෙන් මෙය විසඳීමට හැකි වන බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස