භික්ෂූන් වහන්සේලාට මැතිවරණ නාම යෝජනා දෙන්න එපා! -අස්ගිරි පාර්ශවය

December 31, 2019 at 5:22 pm | by emanisa.lk

භික්ෂුන් වහන්සේලා ඈත අතීතයේ සිට පාලකයන්ට ඉහළින් සිට අනුශාසනා කළ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි පවසයි.

එහෙයින් භික්ෂූන් වහන්සේලා මැතිවරණවලට ඉදිරිපත්වීම නුසුදුසු බවත් එළඹෙන මහ මැතිවරණය ඉදිරිපත් වීම සඳහා හෝ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේලාට අවස්ථාව ලබා නොදෙන ලෙස වර්තමාන ආණ්ඩුවේ සහ එජාපයේ නායකයන්ට දැනුම් දුන් බව ද එහිමියන් අනාවරණය කළේය.

මහනුවර දී ඊයේ (30) මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස