මම කවදාවත් වරදක් කරලා නෑ! පුළුවන් නම් හිරේ දාපල්ලා! – බදියුදීන්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්….. (video)

January 1, 2020 at 9:31 am | by emanisa.lk

මන්නාරමේ නැවත පදිංචි කිරීම සඳහා තමනට උදව් කරන ලද්දේ රාජපක්ෂ ආණ්ඩුව විසින් බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සඳහන් කරයි.

තම ආගම අනුව ගසක් කැපීම පවක් බව පැවසූ මන්ත්‍රීවරයා විල්පත්තුව තබා ගසක්වත් තමා නොකැපූ බව ද අවධාරණය කළේය.

තමන් විසින් විල්පත්තු වනය විනාශ කර ඇත්නම් දිය හැකි උපරිම දඬුවම දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූ බවද ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේය.

වසර 15-16ක් තමන් ඇමතිධුර දරා ඇති බවත් ඒ කිසිම අවස්ථාවක තමන් කිසිම වරදක් කර නොමැති බවත් ඔහු පැවසුවේය.

තමන් රට වෙනුවෙන් කැප වූ බවත් පැවසූ ඔහු ‘පුළුවන්නම් මාව හිරේ දාපං’ යයි ද අභියෝගයක් ද එල්ල කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස