මගේ පියාටත් වඩා සේවයක් මම කරනවා! උදේ 4 ඉඳලා රාත්‍රී 12 වෙනකල් වැඩ ගන්නවා!-සජිත්

August 7, 2019 at 10:39 am | by emanisa.lk

තම පියා ආගමට දහමට සිදු කළ සේවයට වඩා වැඩි සේවාවක් ඉටු කිරීම තමන්ගේ ඉලක්කය වී බව ඇමැති සජිත් ප්‍රේමදාස පවසයි.

ඉදිරියේදී තමන්ට වරම ලදහොත් ඉන්පසු වසර පහක් ඇතුළත මෙරට සියලු වෙහෙර විහාරස්ථාන ගොඩනගන බව ද උදේ පාන්දර හතරේ සිට මහා රාත්‍රී 12 වනතුරු වැඩ කරවා ගන්නා බවද ඔහු පැවසීය.

තමන් බලයට පත් වුවහොත් උදේ 4ට ඇහැරවා රාත්‍රී 12 වන තුරු වැඩ ගනීවි යැයි සමහරු භීතියට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.

දිවි පරදුවට තබා මාතෘ භූමිය වෙනුවෙන් උත්තුංග සේවාවක් සිදු කිරීමට තමන් සැදී පැහැදී සිටින බව ද ඇමැතිවරයා කියා සිටියේ කඩවත ප්‍රදේශයේ දී පැවැති උත්සව සභාවක් අමතමිනි.

මහර කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස