තමාගේ සිරුරේ නහරවල මෙන්ම ඇටමිදුළුවල ඇත්තේ ප්‍රේමදාස ලේ සහ ජාන බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.
එහෙයින් තමන්ට කිසිදු වෙහෙසක් නොදැනෙන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.
රණවිරුවන්ට කිසියම් චෝදනාවක් එල්ල වන්නේ නම් එම චෝදනාව නමැති තොණ්ඩුව සජිත් ප්‍රේමදාස ගෙලෙහි දමා ගැනීමට සූදානම් බව ද සඳහන් කළේය.
මහනුවර වත්තේගම ප්‍රදේශයේ දී ඊයේ (19) ජනහමුවකට එකතු වෙමින් ඔහු එසේ පැවසීය.