මගේ අදහස් විකෘති කරන්න එපා! මම තවමත් ජනපති සමගයි! – තිස්ස ජනනායක

June 7, 2020 at 9:11 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කිසිදු කලකිරීමක් තමා තුළ නොමැති බව ප්‍රවීණ උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක පවසයි. ඔහු ඒ පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක එසේ පවසා තිබේ.

“මම ගෝඨාභය ජනාදිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය ගැන කිසිදු කලකිරීමක් ඇතිබව මාගේ මුල් ලිපියේ සඳහන් කර නැත. කොරෝනා වසංගතය පාලනය කිරීමේදී සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සමඟ එක්ව කරන ලද අනුපමේය කාර්යභාරය ප්‍රශංසනීය වේ. ඒ ගැන සියලු දෙනාගේ ගෞරවය එතුමාට හිමි විය යුතුමය.

එසේම අප බලාපොරොත්තු වූ මුහුදු මහා විහාරය රැකගැනීම, නැගෙනහිර පළාතේ පුරාවස්තු රැකගැනීම වැනි සාධනීය කරුණු සම්බන්ධව එතුමාගේ මැදිහත්වීම හා ක්‍රියාකාරීත්වය ගැන මහත් සේ සතුටට පත්වෙමි. එබැවින් මගේ අදහස් විකෘතිකර අවභාවිත කිරීමෙන් වළකින්න.

මට ඇති ප්‍රශ්නය වන්නේ එතුමාගේ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා එම ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාකරන මහජන නියෝජිතයින් පිරිසක් දී ඇති නාමයෝජනා ලැයිස්තු මගින් තෝරා ගන්නේ කෙසේ ද යන්නයි. මේ පිළිබඳ ඔබගේ අදහස් ද බලාපොරොත්තු වෙමි.”

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස