මහ ඡන්දෙදි ජනපති ගෝඨාට 2/3ක ආණ්ඩුවක් හදලා දෙන්න ඕන! – මෛත්‍රී

December 12, 2019 at 11:40 am | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මේ බව පැවැසුවේ ඊයේ (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවේදීය. මෙම හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

එහිදී පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ඉදිරියේදී රට සංවර්ධනය කිරීමටත්, සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමටත් ඉදිරි මහ මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුවට ශක්තිමත් 2/3 බලයක් තිබිය යුතු බවත් එම තුනෙන් දෙකක බලයක් සහිත නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී කැපවී ක්‍රියා කළ යුතු බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ද එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස