මං හිරේ වැටුණේ රාජපක්ෂලා නිසා! කෝල් රෙකෝඩ් කරන්න කීවේ මහින්ද! හොරු අල්ලන්න කීවේ නාමල්! – රංජන්

February 18, 2020 at 5:16 pm | by emanisa.lk

දුරකථන සංවාද පටිගත කිරීමට තමන්ට උපදෙස් දුන්නේ අගමැති මහින්ද රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

මැදපෙරදිග ගොස් දුක් විඳින කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින සමයේ ලෙබනන් ආරක්ෂිත නිවහනට (Lebanon Safe House)ගොස් සියලු තොරතුරු දුරකථනයෙන් පටිගත කරගෙන පැමිණෙන ලෙස මහින්ද රාජපක්ෂ උපදෙස් දුන් බව හෙතෙම පවසයි.

එසේම හොරු අල්ලන ඇමති යන නාමය තමන්ට ලබා දුන්නේ නාමල් රාජපක්ෂ බවත් තමන් හොරු ඇල්ලීමට පෙළඹීමට එය ද හේතුවක් බවත් රංජන් පවසයි.

2015 ජනවාරි 08 රෑ කටුනායක ගුවන්තොටුපළ වසා හොරු අල්ලන බවට යහපාලන නායකයන් රටට පොරොන්දු පරිදි හොරු නොඇල්ලූ බවත් විනිසුරුවරුන්ට කතා කිරීමට සිදූ වූයේ ඒ නිසා බවත් මන්ත්‍රීවරයා පවසයි.

පක්ෂ භේදයකින් තොරව ඇමති ෆවුසි ද පැයකට හෝ හිර කූඩුවට දමන ලෙස තමන් ඉල්ලා සිටි බව ද හෙතෙම අවධාරණය කළේය.

අද (18) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස