භික්ෂූන්ට නාම යෝජනා නොලැබෙන හැඩ! මහා සංඝරත්නයේ ඉල්ලීම අගමැතිගේ අවධානයට!

March 8, 2020 at 9:52 pm | by emanisa.lk

භික්ෂූන් වහන්සේලාට මහ මැතිවරණය සඳහා තරග කිරීමට නාමයෝජනා ලබා නොදෙන ලෙස මහානායක ස්වාමීන් වහන්සේලා කර ඇති ඉල්ලීම දැඩි අවධානයට යොමු කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර නාමයෝජනා ලබාදීමේදී එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකරන බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

නළු නිළියන්ට සහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නාමයෝජනා ලබාදීමේදී වඩාත් සුදුසුම පුද්ගලයින් තෝරාගනු ලබන බවත් අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස