බුවනෙක හෝටලේ කැඩූ කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න නියෝග!

August 6, 2020 at 1:13 pm | by emanisa.lk

කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගරසභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ඒ කුරුණෑගල නගරයේ පැරණි ගොඩනැඟිල්ලක් කඩා බිඳ දැමීම නිසාය. එම ගොඩනැගිල්ල 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයකි.

මෙහි කොටසක් ජුලි 14 වැනි දා රාත්‍රියේ කුරුණෑගල මහ නගර සභාව විසින් ඩෝසර් කර කඩා දමා තිබුණි.

මේ අතර විනාශ කර ඇති ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන අධිකරණයට බාර දෙන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස