බුවනෙකබාහු රාජසභා මණ්ඩපය විනාශ කළේ මහින්ද! – පාඨලී

July 18, 2020 at 8:46 am | by emanisa.lk

13 වන සියවසේ දඹදෙණියේ රජ කළ 3 වන බුවනෙකබාහු රජු විසින් කරවන ලද රාජසභා මණ්ඩපය විනාශ කළේ මහින්ද රාජපක්ෂ සිය අනුචරයන් ලවා බව සමගි ජන බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පක රණවක පවසයි.

මෙය කුරුණෑගල නගරාධිපති පිටින් යැවීමට උත්සාහ කළ ද මේ පිටුපස මාර්ග සංවර්ධන අධිකාරිය ඇති බවත් එය නාමල් රාජපක්ෂ සිය නායකයා ලෙස සලකන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා යටතේ පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම පුරාවිද්‍යා ස්ථානය පාරක් පළල් කරන මුවාවෙන් විනාශ කර ඇත්තේ රට ජාතිය රකින බව කියන අනෙක් අය දේශද්‍රෝහීන් ලෙස බැහැර කරන මහින්ද රාජපක්ෂ විසින් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

සමගි ජනබලවේග පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *