පුරාවස්තු විනාශයක් කළා නම් නගරාධිපතිගේ එක මයිලකට නෙමෙයි සියලු මයිල්වලට දඬුවම් දෙනවා! – ගම්මන්පිල

July 22, 2020 at 11:12 am | by emanisa.lk

පුරාවස්තු විනාශයක් කවුරුන් හෝ කර ඇත්නම් නගරාධිපති නොව අගමැති කළ ද එය වැරදි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ පවසයි.

කුරුණෑගල නගරාධිපතිවරයා පුරාවස්තු විනාශයක් සිදුකර ඇත්නම් ඔහුට ඉහළම දඬුවම ලබා දීම වෙනුවෙන් තමා පෙනී සිටින බව ද ඔහු අවධාරණය කරයි.

කුරුණෑගල නගරාධිපති කඩා දමා ඇත්තේ පුරාවිද්‍යා උරුමයක් නම් ඔහුගේ එක මයිලකට නෙමෙයි සියලු මයිල් ගස්වලට නීතිය ක්‍රියාත්මක කරවීමට තමන් වගබලා ගන්න බව ද ඔහු සඳහන් කළේ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *