හමුදාවට සහරාන්ගේ ඥාතීන් මරා දැමුවේ යැයි බීබීසි මාධ්‍යවේදී අසාම් අමීන් ලෝකයට බොරු කියයි!

April 29, 2019 at 10:28 pm | by admin

පසුගියදා ආරක්ෂක අංශ විසින් වටලන ලද අවස්ථාවේ දී පාස්කු ඉරිදා ප්‍රහාරයේ මෙහෙය වූ සහරාන් හෂීම්ගේ පියා සහ සහෝදරයන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ අතර එමගින් කාන්තාවන් තිදෙනෙකු ළමුන් හය දෙනෙකු ඇතුළු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. බරපතළ තුවාල ලද සහරාන් හෂීම්ගේ බිරිඳ සහ සිව් හැවිරිදි දියණිය ආරක්ෂ අංශ රෝහල්ගත කළේය.

මෙම පුවත බීබීසී මාධ්‍යවේදී අසාම් අමීන් වාර්තා කර තිබුණේ “මරාගෙන මැරෙන ප්‍රහාරක සහරාන් හෂීම්ගේ ඥාතීහු මරා දැමේ” යනුවෙනි. අදාළ ප්‍රවෘත්තිය තුළ ද ඔවුන් මරාගෙන මැරුණු බව නොපවසන අසාම් අමීන් පොලිසිය වැටලූ අවස්ථාවේ පිරිස ඝාතනය වී ඇති බව පවසන්නේ සිවිල් වැසියන් පිරිසක් ආරක්ෂක අංශ විසින් ඝාතනය කළේය යන අදහස ජනිත වන ආකාරයෙනි.

කෙසේ වුවද එම පිරිස ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කර මරාගෙන මැරීමට පෙර නිකුත් කළ වීඩියෝවක සඳහන් වන්නේ තමන් අල්ලාඃ වෙනුවෙන් සටන් කර පොළොව ලෙයින් තෙත් කරන බවය. සහරාන්ගේ සොහොයුරු රිල්වාන් ඊළඟ මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා සූදානම් වන බවට විදෙස් බුද්ධි අංශ අනතුරු අඟවා තිබිණි.

මේ ආකාරයට මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් පිරිසක් සිවිල් වැසියන් බවට පත්කර ලෝකයට වාර්තා කළ අසාම් අමීන් ඒ පිළිබඳ සමාජජාලාවල විවේචන මතු වන විට එහි සිරස්තලය වෙනස් කිරීමට කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස