බස්නාහිර ආණ්ඩුකාරවරියට සිය වෛද්‍ය වෘත්තියේ නියැලීමට බාධාවක් නෑ!

January 21, 2020 at 2:33 pm | by emanisa.lk

බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොළ පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර කටයුතු කරන බවට පසුගිය දා චෝදනාවක් නැඟිණි.

මේ පිටුපස සිටියේ මංගල සමරවීර මෙහෙය වන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය කණ්ඩායම්ය.

කෙසේ වුවද ව්‍යවස්ථාව අනුව ආණ්ඩුකාරවරියට සිය වෘත්තියෙහි නියැලීමට කිසිදු බාධාවක් නොමැති අතර වෙනත් රාජ්‍ය ආයතනයක වරප්‍රසාද භුක්ති විඳීම නම් තහනම් වෙයි.

වෘත්තියෙන් විශේෂ වෛද්‍යවරියක වන සීතා අරඹේපොළට සිය ආණ්ඩුකාර ධුරයේ සේවයට බාධාවක් නොවන ආකාරයට පෞද්ගලික රෝහල්වල සේවය කිරීමට කිසිම නීතිමය බාධාවක් නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස