බන්ධනාගාර ආරක්ෂාව තර කිරීම සමග නිලධාරීන්⁣ට තර්ජන! බූස්සේ නිලධාරියෙකුගේ ගේ දොරකඩ ජීව උණ්ඩ 5ක්!

June 16, 2020 at 7:41 am | by emanisa.lk

බුස්ස බන්ධනාගාරයේ නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයාගේ බුස්ස, පන්සල පාරේ පිහිටි නිවසේ ප‍්‍රධාන දොර අසල පඩිපෙළ මත තිබි ජීව උණ්ඩ 05ක්  සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් ඔහු විසින් පොලීසියට කරන ලද දැනුම්දීමකට අනුවයි.

උණ්ඩ 4 ක කිසියම් පුද්ගලයෙකුගේ නමක්ද සටහන් කර තිබූ බව පොලීසිය පවසයි. පසුව රත්ගම පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් විසින්, පොලිස් සොකෝ නිලධාරින්,  ඇගිලි සලකුණු නිලධාරින් හා නිල සුනඛයකු ගෙන්වා මේ සම්බන්ධ පරික්ෂණ ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස