අමල් නදීමාල් තවත් මාසයක් බන්ධනාගාරයට!

February 27, 2019 at 12:29 pm | by admin

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාගේ රක්ෂිත බන්ධනාගාර කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇති බව නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි සඳහන් කරයි.

ඔවුන් දෙදෙනා අනිද්දා දින යළි අධිකරණයට ඉදිරිපත් කරන අතර ඩුබායි පොලීසිය සිදුකරමින් පවතින විමර්ශන අවසන් නොවීම හේතුවෙන් මෙලෙස රක්ෂිත කාලය දීර්ඝ වනු ඇති බව ඔහුගේ අදහසය.

යළිත් එළඹෙන 2 වන දා තමන් ඩුබායි වෙත ගොස් අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පොලීසියට කරුණු ඉදිරිපත් කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස