ආතතියෙන් කම්පනයෙන් ඉන්න රාජිත බන්ධනාගාර රෝහලට!

December 29, 2019 at 3:22 pm | by emanisa.lk

ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් ඇත. රෝහලෙන් කළ යුතු ප්‍රතිකාර අවසන් කර බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය බව වාර්තා වෙයි.

සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 24 වැනිදා වරෙන්තු නිකුත් කළ අතර අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 27 වැනිදා පස්වරුවේය. ඒ හිටපු අමාත්‍යවරයා ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝගී ඒකකයට ඇතුල් වීමෙන් අනතුරුවය.

ඔහු දෙසැම්බර් 30 වෙනිදා දක්වා බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.

වෛද්‍ය වාර්තාවලින් පැවසුණේ හිටපු ඇමතිවරයා අධි රුධිර පීඩනය, ආතතිය හා කම්පනයෙන් පසුවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස