බදියුදීන්ට අහංගම තහනම් වෙයි! විරෝධතාකරුවෝ නමටත් හූ තබති!

August 31, 2019 at 4:25 pm | by emanisa.lk

අහංගම ප්‍රදේශයේ හොටෙල් පාසලක් විවෘත කිරීමට ඇමති රිෂාඩ් බදියුදීන් පැමිණීමට විරෝධය පළකර අද (31) උද්ඝෝෂණයක් පැවැත්විණි.

ජනතාව අහංගම නගරයේ සිට අදාළ හොටෙල් පාසල ඉදිරියට පාමගමින් ගොස් ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් විරෝධතා පැවැත් වූ බව ද වාර්තා වෙයි.

කෙසේ වුවද මේ අවස්ථාවට අවසානයේ ඇමතිවරයා නොපැමිණි අතර ඔහුගේ නම ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ ප්‍රකාශ කරන විට ද ජනතාව හූ තබමින් විරෝධය පළකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස