පෞද්ගලික රෝහලක් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සඟවන උත්සාහයක්!

October 24, 2020 at 3:52 pm | by emanisa.lk

එක්තරා පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නො දන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ.

එම ආසාදිතයින් දෙදෙනාගෙන් එක් අයෙක් වෛද්‍ය රසානාගාර වෘත්තිකයෙක් බව ද අනාවරණය වී තිබේ.

පසුගිය කාලය තුළ PCR නිදර්ශක ගොඩගසා ගනිමින් ප්‍රමිතියකින් තොරව පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලියක් නිසා මෙම තත්වය මතු වී ඇති බව ආරංචි මාර්ග කියයි.

මේ වන විට පෞද්ගලික රෝහල් කොරෝනා පරික්ෂාව මාෆියාවක් කරගෙන ඇති බවට ද පළමු පරික්ෂණයේ දී බොහෝ පිරිසකට කොරෝනා ආසාදිත යැයි පවසා දෙවෙනි පරීක්ෂණයේ දී ආසාදිත නැතැයි පැවසීම මෙම රෝහල්වල ආසාදිත යැයි පවසන රෝගීන් ඉක්මනින් සුවපත් වීම ද නිරීක්ෂණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස