පොහොට්ටු සන්ධානය සූදානම්! බැසිල් සහ මෛත්‍රී සම සංවිධායක ධුරයට!

February 2, 2020 at 10:12 pm | by emanisa.lk

ඉදිරියේදී ඇති කර ගැනීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම සංවිධායකවරු ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත‍්‍රිපාල සිරිසේනගේ නම යෝජනා කර ඇති අතර බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණීමෙන් පසු පොදුජන පෙරමුණ වෙනුවෙන් ඔහු නම් කිරීමට තීරණය කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයක් ගොඩනැඟීම සඳහා පවතින නෛතික ගැටලු මේ වන විට විසඳා ඇති බවත් එහි මුල්ම පියවර ලෙස පොදුජන එක්සත් පෙරමුණේ නම වෙනස් කර ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට ඒකාබද්ධ කිරීමට පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව විසින් පසුගියදා ඒකමතිකව තීන්දු කළ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස