ලංගම ඩිපෝවල ඇති අබලන් බස් රථ අලුත්වැඩියා කර මඟී ප්‍රවාහනයට එක් කිරීම මඟින් රජයට රුපියල් කෝටි 100ක මුදලක් ඉතිරි කර ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ ශ්‍රී ලංගම ඩිපෝවල බස් රථ 7410ක් ඇතත් එයින් ධාවනයට එක් කෙරෙන්නේ බස් රථ 5504ක් පමණක් බවයි.
දැනට ධාවනයෙන් ඉවත් කර ඇති බස් රථ 1906න් බස් රථ 900කට ආසන්න සංඛ්‍යාවක් කඩිනමින් අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීමෙන් මෙසේ කෝටි 100ක පමණ මුදලක් ඉතිරි කර ගැන්මට හැකි වනු ඇත.
බස් රථ 500කට අධික ප්‍රමාණයක් වසර 30ක් පමණ පැරැණි බස් රථ බැවින් එම බස් රථ වෙනුවෙන් මුදල් වැය කිරීම නිෂ්ඵල බවද ඇමැතිවරයා පවසයි.
අලුතින් බස් රථ ඉන්දියාවෙන් ආනයනය කරන්නේ නම් එක් බස් රථයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 60ක පමණ මුදලක් වැය කළ යුතු අතර අලුත්වැඩියා කර ධාවනයට යොදවන බස් රථයක් වෙනුවෙන් වැය කළ යුතු වන්නේ රුපියල් ලක්ෂ දෙකක් හෝ ඊට අඩු මුදලක් නිසා අලුතින් බස් රථ 1000ක් ආනයනය කිරීමට වැය වන රුපියල් කෝටි 600ක් වැය වන අතර එම බස් රථයක් වසර 15ක කාලයක් ධාවනය කළ හැකි අතර ලංගම මඟින් අලුත්වැඩියා කරන බස් රථයක් අවම වශයෙන් තවත් වසර 5ක කාලයක් ධාවනය කළ හැකිය.