දුම්රිය වර්ජනය අපට හොඳයි! අපේ ආදායම 100%කින් නගිනවා! – ගැමුණු

June 26, 2019 at 7:55 am | by emanisa.lk

නැවත දුම්රිය වර්ජනයක් ක‍්‍රියාත්මක වුවහොත් අතිරික්ත පෞද්ගලික බස් රථ 2500ක් යොදවා මහ ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (25) පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“බස් හෝ දුම්රිය වර්ජනයක් ක‍්‍රියාත්මක වනවා නම් පෞද්ගලික බස්වලට එහි වාසිය හිමිවෙනවා. දුම්රියත් සමග ලංගම බස් රථද මාස හයක වර්ජනයක් ක‍්‍රියාත්මක කළත් එයට මුහුණ දෙන්න අපේ බස් රථවලට පුළුවන්. දුම්රියෙන් ගමන් කරන්නේ සමස්ත මගීන්ගෙන් සියයට 05යි. පෞද්ගලික බස් රථ මගී ප‍්‍ර‍්‍රවාහනයට සියයට 48ක දායකත්වයක් ලබාදෙනවා. ත‍්‍රිරෝද රථ මගී ප‍්‍රවාහනයට ලබාදෙන දායකත්වයත් සියයට 05යි. දුම්රිය වර්ජනය නිසා දුම්රිය මාර්ග ආශ‍්‍රිත මාර්ගවල බස්රථවල ආදායම සියයට සීයකින් ඉහළ ගිහින් තියෙනවා.”

“අද වනවිට මගී ජනතාව බස් රථවලින් ඉවත්වීමේ නැඹුරුවක් තිබෙනවා. මීට වසර කිහිපයකට පෙර මගී ජනතාව බස් රථවල ගමන් කිරීමේ ප‍්‍රතිශතය සියයට 65ක්ව තිබුණා.නිසි ආකාරයට මගී කාලසටහන් හදනවානම් දැනට ධාවනය කරන පෞද්ගලික බස් රථ 20,000යින් බස්රථ 8000ක් වුණත් ඉවත් කරන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස